නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා ශ්‍රම විරෝධී දිනයට රත්නපුරේ වැඩසටහන් රැසක්

    ජූනි 25, 2015
    ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන්  රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහභාගිත්වය ඇති ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි. දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ මගපෙන්විම මත දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයද මේ සඳහා දායකත්වය දරනු ලැබීය.

    ලෝකයේ ප්‍රථම ශ්‍රම විරෝධී කලාපය, රත්නපුරය බවට පත්කිරීමට මීට දෙවසරකට පෙර ගත් තීරණය අනුව මේ දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව ළමා සංවර්ධන පදනමක් පිහිටුවා ගනු ලැබිණි. 
     
    මෙම අවස්ථාවට එක් වුණු රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, රත්නපුරය ළමා ශ්‍රම‍යෙන් තොර කලාපයක් බවට පත්කිරිමේ අදහස මුලින්ම ජාත්‍යන්තර තලයට ගෙනගොස් එය සාක්ෂාත් කිරීමට විවිධ වැඩසටහන් පෙළගැස්වූ බවයි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇති ව දැනට යෝධ ගමනක් ඇවිත් තිබෙන බවත් ළමා ශ්‍රමය යනු රෝගයක් බැවින් එය සුවකිරීමට පමණක් නොව ඇතිවීමට බලපාන හේතූන්ද සොයා පිළියම් යොදන බැවින් නැවත ඇනොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඵලදායි පුරවැසියන් සමාජයට ගැනීමට අප දරුවන් බලාගතයුතුවාක් මෙන්ම යහපත් දෙයක් කිරීමට නම් සිතා බලා කටයුතු කළයුතු බව ද මේ වන විට දිස්ත්‍රික්කය තුළ ළමා ශ්‍රමයේ යෙදෙන අය නැති බවත් එතැනට පැමිණිය හැකි අය සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
     
    ජාත්‍යන්තර කම්කරු සංවිධානය අප සමග සිටිනවා. මේ වැඩපිලිවෙළ වෙන කොහේවත් නැහැ. වෙනත් දිස්ත්‍රික්කවලත් මේ වැඩසටහන කිරීමට අප කතා කළා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට තිබෙන බාධා මගහැරිය යුතුයි. එයට බලපාන ආර්ථික ගැටලුවලදී සංවිධානාත්මකව මැදිහත්විම් කළයුතු වෙනවා. අප උත්සාහ කරන්නේ නිවැරදිව උදව් කළ යුතු කෙනාට ඒ උදව්ව ලබාදීමටයි. හුදෙක් එය අනුකම්පාවක් නොව ඔබට අතදීමක් යැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
     
    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 තුළින් ම හඳුනාගත් ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පාසල් උපකරණ බෙදාදීමද මෙහිදී සිදුවිය. ළමා ශ්‍රම විරෝධී දිනය සමරමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් පැවැත් වුණු රචනා තරගයේ කණිෂ්ඨ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ 10 වසරේ සිරිනි උපමාලි දැරිය ද සභාව ඇමතුවාය. 
     
    ක්‍රමසම්පාදන සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.පී.සරෝජිනී, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරී ඩබ්ලිව්.ජී.ආර්.කුමාරසිරි, සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති අශෝක පැල්පොළ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නි‍යෝජිත හිරෝෂී ගුණතිලක යන මහත්ම මහත්මිහු ද මෙහිදී අදහස් දැක්වූහ.
     
    NDH/dmu_Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya