මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ සංචාරක නගරය කොළඹ

    ජූනි 05, 2015

    2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.

     

    මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.

     

    මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ. යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය. මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.

     

    කොළඹ නගරයේ වර්ධනය 21.1% ක්‌ලෙස සැලකෙන අතර දෙවැනි ස්‌ථානයට පත් වූ චීන නගරයේ වර්ධනය 20.7% කි. මෙම සමීක්‍ෂණයට අනුව ලොව වේගයෙන් සංවර්ධනය වූ නගර 10 ක්‌ දක්‌වා ඇති අතර, එහි තෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ අබුඩාබි නගරයයි.

     

    මේ අතර එම සමීක්‍ෂණයට අනුව ලොව හොඳම ගමනාන්තය ලෙස ලන්ඩන් නගරය නම් කර ඇති අතර එහි දෙවන හා තුන්වන ස්ථාන හිම්කරගෙන ඇත්තේ බැංකොක්‌ සහ පැරිස් ‌නගරයන්ය.

     

    MOD/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya