මෙම රැස්වීමේ මූලික අරමුණ වූයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ගැටළු සාකච්ඡාවට ලක් කිරීම සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන අතර පරිසර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවන ගැටළු අවම කර ගැනීම පිළිබඳවය.
මෙහිදී ළමා මෙහෙකාර සේවය, වීදි ළමුන් සහ දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වන ළමා රැකවරණ මධ්‍යස්ථාන සහ ප්‍රජා සෞඛ්‍ය තත්වයන් පිළිබඳව විශේෂ අවධානයට ලක් විය. 2016 ජුනි 12 වන දින වන විට ළමා ශ්‍රමය ශුන්‍ය කිරීමට අවශ්‍ය ජාතික වැඩ පිළිවෙල වෙනුවෙන් දිස්ත්‍රික්කය දක්වන දායකත්වය පිළිබඳව ද මෙහි දී අදහස් පල විය.
වතුකරය ආශ්‍රිතව දිවිගෙවන අධ්‍යාපනය නොලබන දරුවන් පාසල් ගත කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන දක්වන දායකත්වය පිළිබඳව මෙහිදී ඇගයීමට ලක් විය.
දිස්ත්‍රික්කය තුළ පරිසර හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන් හි රාජ්‍ය නොවන ආයතන 12ක් සක්‍රීය තත්ත්වයේ පවතී. ධීවර ගැටළු විසදීම සහ පාරිසරික තත්ත්වයන් රැක ගැනීම සඳහා ඔවුන් දක්වන සක්‍රීය දායකත්වය පිළිබඳව මෙහි දී විශේෂ අවධානයට ලක් වූ අතර දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක, දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහි දී ඇගයීමට ලක් විය.
MAP/SH_dmu_ galle