උතුරු මැද පළාතේ ගුරු සහයකයන් ලෙස සේවය පිරිස ස්ථිර කිරීමේ අවස්ථාවට එක්වෙමින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, "ගුරු සහයකයන් හැටියට උසස් පෙළ සමතුන් පාසල්වලට මේ පළාතෙන් බඳවා ගන්න හේතුව තමා උතුරු මැද පළාතට ආවේණික ප්‍රශ්නයක් තියෙනවා හරියට වකුගඩු රෝගය වගේ සුව වෙන්නෙම නැති එකක් ගුරු පුරප්පාඩු කියන එක. හැමදැම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා හැමදාම දරුවන්ට ඉගෙන ගන්න විදිහක් නැහැ. මේකට ස්ථිරසාර විසඳුමක් අපි හොයන්න අවශ්‍යයි. අතිගරු ජනාධිපතිතුමාටත් දැනුම් දීමෙන් පසු එතුමාගේ අනුමැතිය ඇති ව උතුරු මැද පළාතේ පදිංචි වී සිටින ස්ථාන මාරු ඉල්ලන්නේ නැති අය කොට්ඨාස මට්ටමින් බඳවා ගන්න කටයුතු කරනවා.
3000ක් පමණ බඳවා ගන්නවා. මේ පළාතෙන් යන්න ඉන්න සියලු දෙනාට ම ස්ථාන මාරුවීම් දෙනවා. හේතුව කැමැත්තෙන් නෙමේ උගන්වන්නේ, යන්න බලාගෙන ඉන්නේ, එන්නේ සඳුදා වරුවෙන් සිකුරාදා වරුවෙන් යනවා. එතකොට දවස් 04යි දරුවන්ට උගන්වන්නේ. ඒ දවස් 04ත් නිවාඩු ගන්නවා. සමහර ගුරුවරුන් ගම්පහ ඉදන් එනවා. උදේ හවස කොළඹ ඉදන්
එන ගුරුවරු ඉන්නවා. සමහර ගුරුවරියන් මට කියනවා ස්ථාන මාරු දෙන්න කියලා. කොළඹ ඉදලා සේවයට වාර්තා කරනවා. ඒ වගේ දුෂ්කරතා එයාල විඳිනවා. අපිට ඇති දුෂ්කරතාව දරුවන්ට උගන්වන්න ගුරුවරුන් නැති එකයි. ගුරු සහයකයන් ලෙස සිටින අය දීමනාවක් යටතේ සේවය කිරීම ලොකු පිනක්. තම අධ්‍යාපනයට අවශ්‍ය කරන වෘත්තීය අත්දැකීම් මේ මඟින් ලබා ගෙන තියෙනවා. ගුරුවරයා යනු තවත් මනුෂ්‍යයෙකුගේ නිර්මාණකරුවෙක්. තවත් ජීවිත නිර්මාණය කරන, ජීවිතත් එක්ක සමාජය නිර්මාණ කරන මුළු මහත් ලෝකය තුළ ම මානව ප්‍රජාව නිර්මාණය කරල, ඒ මානව ප්‍රජාවට තාර්කික ශක්තිය, ඥානය, දැනුම දීල ජීවත් වෙන්න පුළුවන් හැකියාව දෙන අය ගුරුවරුයි.
වෘත්තීයමය ප්‍රශ්න තිබිය හැකියි. මාසික පරීක්ෂණය යනු ළමයාව හුරුකරවීමයි. වාර සටහන් කියන්නේ විෂය නිර්දේශයට අනුව ඉගැන්වීමයි. එවිට පාඩම් මගහැරෙන්නේ නැහැ. ගුරුවරෙකුට තවත් ජීවිත සමඟ වගකීමක් තියෙනවා. ගුරුවරු තමා ඉංජිනේරුවරු, වෛද්‍යවරුන්, උසස් නිලධාරීන් නිර්මාණය කරන්නේ. ගුරුවරයෙකුට වෙනත් කිසිම කෙනෙකුට ලබන්න බැරි සතුටක් ලබන්න පුළුවන්. සමාජයට ගියාම වෙනත් කිසිම කෙනෙකුට නැති පිරිසක් ඉන්න පුළුවන්. ඒ අතර ගුරුවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයන්, පරිපාලන නිලධාරීන් ගෝලයන් ලෙස සිටිය හැකියි. ඒ නිසා හරියට ඉගැන්විය යුතුයි. හරියට ඉගැන්වූවේ නැත්නම් ගරුකරන්නේ නැහැ. ගුරුවරයාගේ පෞද්ගලික ජීවිතය අපිට වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ ඔවුන් සතු දැනුම අපිට ලබාගැනීමයි. ගුරුවරයා දැනුමින් පරිපූර්ණ බව ශිෂ්‍යා දැන ගත යුතුයි. ගුරු වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කර ගෙන කටයුතු කළ යුතු බවත්" ඔහු කීය.
NDH