නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභාවේ කාර්ය කටයුතු ආරම්භ කෙරේ

    අප්‍රේල් 05, 2015

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා (03) ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභාවේ කාර්ය කටයුතු සමාරම්භනය කරන ලදී.

     

    නව රජය බලයට පත්වී හරියටම දින 82 කින් මෙසේ ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කිරීමට හැකිවීම මඟින්  යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය ධනාත්මක ප්‍රවේශයක් ඔස්සේ යළි ගොඩනැංවීමට මහඟු අවස්ථාවක් උදාවුන බව මෙහි සමාරම්භක රැස්වීමට සහභාගීවෙමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

     

    මේ අවස්ථාවේදී ප්‍රතිසංධානය හා වගවීම තහවුරු කිරීම සඳහා රජය විසින් ගනු ලබමින් සිටින ක්‍රියාමාර්ග පිළිබඳව සමරවීර මහතා යුරෝපා සංගමයේ නිලධාරීන් වෙත කෙටියෙන් කරුණු පැහැදිලි කළේය.

     

    එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීමට අදාළව යුරෝපා කවුන්සිලය යුරෝපා සංගම් පොදු අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා රජයේ ඇගයීමට ලක්වන බව සඳහන් කළ ඒ මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස අඛණ්ඩව ලැයිස්තුගත කෙරෙන බවට මෑතකදී කළ නිවේදනය රජයේ පිළිගැනීමට ලක්වන බව ද දන්වා සිටියේය.

     

    මෙම සන්දර්භය තුළ, දශක කීපයක් පුරා  වෛරය හා ප්‍රචණ්ඩත්වය පැතිරීමට ඉවහල් වූ අයුක්තිය වෙනස්කොට සැලකීම හා අගතියට පත්වීම යන ඒවායේ මූල හේතු සඳහා ශ්‍රී ලංකාව පිළියම් යොදන බව ප්‍රකාශ කළ අමාත්‍ය සමරවීර මහතා ත්‍රස්තවාදය තිරසාර ලෙස මුලිනුපුටා දැමීම සඳ එය යළිත් හිස ඔසවන බවට සිදුකරන ඇඟවීම් සම්බන්ධයෙන් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

     

    එම අතීතයෙන් මිදී සියලුම ලාංකිකයන්ගේ අපේක්ෂාව වන සමානාත්මතාවය, සාධාරණය හා කුසලතා පූර්ණ පාලන තන්ත්‍රය යන මූලධර්ම මත පදනම් වූ බහු සංස්කෘතික, බහු ජනවාර්ගික හා බහු භාෂික ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා වූ අපගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමෙහි ලා නව රජය දැඩි ලෙස ඇපකැපවී සිටියි.

     

    ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපළවල් අතරින් විශාලතම තනි වෙළඳපොළ වන්නේ යුරෝපා සංගමයයි. වෙළඳාම ආයෝජන හා ආර්ථික සබඳතා වර්ධනය කිරීම සඳහා රජය දක්වන බලවත් උනන්දුව පිළිබඳව සමරවීර මහතා එහිදී ඔවුන් වෙත දන්වා සිටියේය. ජීඑස්පී+ (GSP+) බදු සහන ලබාදීමේ වැදගත්කම හා යුරෝපා සංගමයට මසුන් අපනයනය කිරීම සම්බන්ධයෙන් පැනවූ තහනම ඉවත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඒ මහතා විශේෂයෙන්ම අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya