ඒ අනුව, එහි ආකර්ෂණය හා සංස්කෘතික වටිනාකම් වෙත හානියක් නොවන පරිදි සීගිරිය නැරඹීමට විදුලියෙන් ක්‍රියාකරන සෝපානයක් ස්ථාපනය කිරීමට රජය බලාපොරොත්තු වේ. මෙම නවීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ සීගිරිය නැරඹීමට ආබාධිත හා මහලු පුද්ගලයන්ට ද පහසුකම් සැලසීම වන බවත්මෙවැනි නවීකරණයන් දැනටමත් ලෝකයේ දියුණු රටවල පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම ඓතිහාසික සීගිරිය ගල් බලකොටුව නවීකරණය කිරීමට රජය කටයුතු සම්පාදනය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
සීගිරිය ශ්‍රී ලංකාවේ ඉපැරණි නගර සැලසුම්කරණයේ හොඳම උදාහරණය වන අතර, ශ්‍රී ලංකාව තුළ වැඩිම සංචාරක ඓතිහාසික ස්ථානය ද සීගිරිය වේ.
මෙම නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සීගිරිය නැරඹීම සඳහා සංචාරක ආකර්ෂණය දිනාගැනීමට උපකාරී වනු ඇති බවත් ඔහු පැවසීය.
SDF