ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළ අතර කූරගල අඩවිය කැණීම් හා ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරකම් මත පදනම්ව ආගමික ප්‍රශ්න ඇති නොකරන ලෙස ඒ මහතා එහිදී මහජනතාව වෙත ඉල්ලීමක් ද සිදු කළේය.
නවීන තාක්ෂණය භාවිතා කරමින් එක්සත් ජනපද ආයතනය විසින් සිදු කරන ලද ගුවන් විදුලි කාබන් දත්ත වාර්තා (radio-carbon data) අනුව, කූරගල අඩවිය වර්තමාන යුගයට පෙර වසර 16,000 සිට 6000 දක්වා පැරණි මානව ජනාවාස ස්ථර පහක්ඇති බවත් ඔහු වැඩිදුරටත් එම අවස්ථාවේ දී කියා සිටියේය.
මෙම කූරගල අඩවිය පැරණිම ජනාවාස පිහිටි බවට සාක්ෂි සැපයූ ස්ථානය බවත් පෙර සිදු කරන ලද කැණීම්වලින් සොයාගත් බෙල්ලන්බැඳිපැලැස්ස පළමු ජනාවාස අඩවිය වන අතර මෙම බෙල්ලන්බැඳිපැලැස්ස වසර 13,000 කට පමණ පෙර ජනාවාස පැවතීම පිළිබඳ සාක්ෂි සපයන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය වසරේ අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා බලංගොඩ ඓතිහාසික කුරගල අඩවිය තුළ පුළුල් කැණීම් සිදු කර ඇත. මෙම කූරගල අඩවියේ ඇති ලෙන් පළමු ශත වර්ෂය හා 3 වන ශතවර්ෂය අතර කාලය තුළ බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා කර ඇති බව දිසානායක මහතා පවසා සිටියේය. සමහර ලෙන් පූර්ව ඓතිහාසික යුගයේ දී මිනිසුන් විසින් ජනාවාස ලෙස භාවිතා කර ඇති බවට ද සාක්ෂි හමු වී ඇත.
කැණීම්වලදී, පුරාවිද්‍යාඥයන් විසින් ශිලා මෙවලම්, පොසිල අස්ථි කොටස් සහ සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් සොයාගෙන ඇති අතර ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙත යවනු ලැබූ බවත් ආචාර්ය දිසානායක මහතා ප්‍රකාශ කර සිටි අතර විද්‍යාත්මක පරීක්ෂණ අවසන් වූ පසුව මානව ඇටසැකිල්ල ශ්‍රී ලංකාවට ආපසු ලැබෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අඩවියේ කැණීම්වලින් සොයාගත් සාක්ෂිවලින් වඩාත් කැපී පෙනෙන නිගමනය වන්නේ මෙහි ජනාවාසවල විසූ මිනිසුන් වෙරළබඩ ප්‍රදේශ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි. එනම් මෙහිදී සොයා ගත් භාණ්ඩ අතර ප්‍රාග් ඓතිහාසික කාලයේ ජීවත් වූ මිනිසුන් භාවිතා කළායැයි සිතිය හැකි සිප්පි කටු, මුහුදේ ජීවත් වන බෙල්ලන්ගේ කටු හමු වී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවතවත් ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ ජනාවාස රටාවන් අධ්‍යයනය කිරීම සඳහා මෙම වසරේදී ද කැණීම් කටයුතු ඉදිරියට සිදු කරන බව පවසන ආචාර්ය දිසානායක මහතා මෙම කැණීම් කටයුතු මත පදනම් කරගෙන ආගමික ප්‍රශ්න නිර්මාණය කිරීමෙන් වළකින ලෙස අවසන් වශයෙන් මහජනයාගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.
SDF