මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ක්ෂය රෝග දිනය හෙට-හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000ක් අප අතර

    මාර්තු 23, 2015

    tb-mainලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 හෙට දිනට යෙදී තිබේ. වර්ෂ 1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.

     

    මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව වනුයේ ''හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000ක් අප අතර- හඳුනාගනිමු, ප්‍රතිකාර කරමු,සැමට සුවය සදමු’’ යන්නයි.

     

     

    වාතාශ්‍රයේ පවතින ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සහිත සෙම බිඳිති මගින් බෝ වන රෝගයක් ලෙස ක්ෂය රෝගය හඳුන්වයි.

     

    ලෝක ජනගහනහ්යෙන් 1/3ක් පමණ ක්ෂය රෝග බැක්ටීරියාව ආසාදිතයන් වෙයි.ලෝක ජනගහනයෙන් මිලියන 9ක් ක්ෂය රෝගය වැලදී ප්‍රතිකාර ආරම්භ කර තිබේ.මින් මිලියන 1.5ක් ක්ෂය රෝගයෙන් මියගොස් තිබේ.

     

    ශ්‍රී ලංකාවේ වර්ෂ 2013 දී ක්ෂය රෝග රෝගීන් 9500කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කර ඇත.එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් 14,000ක් සිටිය යුතු බව වාර්තා කර ඇතැයි ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

     

    ක්ෂය රෝගය වැළදීම වළක්වා ගත හැකි අතර ක්ෂය රෝගය යනු ප්‍රතිකාර මඟින් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි රෝගයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya