නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාර ගනී

    මාර්තු 18, 2015

    නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය අද(18) සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කළාය. 

    1985 වර්ෂයේ පරිපාලන සේවයට එක් වූ එම මහත්මිය 1986 වර්ෂයේ එකල පැවති ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙස රාජකාරි කටයුතු ආරම්භ කළා ය. පසුව පළාත් පාලන ආයතන රැසක විවිධ තනතුරු දැරූ මීගස්මුල්ල මහත්මිය 2002 වර්ෂයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළාය. ඉන්පසු මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධුරය සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධුරය හෙබ වූ එම මහත්මිය 2010 වර්ෂයේ මාතලේ දිස්ත්‍රික් ලේකම් ධුරයට පත් විය.

     

    පසු ගියදා වත්මන් රජයේ තීරණයක් මත දිස්ත්‍රික් 13ක දිසාපතිවරුන් මාරුවීම සිදු කල අතර නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් ලෙස හෙලන් මීගස්මුල්ල මහත්මිය පත් කළ අතර නුවරඑළිය හිටපු දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා අනුරාධපුර නව දිස්ත්‍රික් ලේකම් ලෙස පත් වීම් ලැබ සිටී.

     

    නව දිසාපතිතුමියගේ රාජකාරී බාරගැනීමේ අවස්ථාව සඳහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය ඇතුළුව නිලධාරීහූ රැසක් සහභාගී වී සිටිය හ.
    dmu_N'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya