නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් අමාත්‍යංශ සම්බන්ධ අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

    මාර්තු 18, 2015
    ඉඩම් අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතනවල අක්‍රමිකතා සෙවීමට ඒක පුද්ගල කමිටුවක් පත් කිරීමට ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා පියවර ගෙන තිබේ.
     
    ඉඩම් අමාත්‍යංශය හා  එම අමාත්‍යංශය යටතේ පවත්නා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව,  ඉඩම්  ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව ඇතුළු අනෙකුත් ආයතනවල පසුගිය කාල සීමාව තුළ සිදු ව ඇතැයි වාර්තා වන විවිධ අක්‍රමිකතා හා අයථා ඉඩම් පැවරීම් පිළිබඳ ව  පරික්ෂා කර වාර්තා කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.
     
    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළපුරුදු  විශ්‍රාමික නිලධාරියෙකු වන එස්.ඩි. චන්ද්‍රදාස මහාතා මෙම කමිටුව සඳහා පත්කර ඇත. 
     
    රජයේ  සහ ඉඩම්  ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම් විවිධ  පාර්ශවයන් වෙත  පවරා දිමේ දී සිදු වූ යම් අක්‍රමිකතාවක් හෝ එබදු අයථා ඉඩම් පවරා දීම් පිළිබඳ ව  යම් තොරතුරක් ඇත්නම් ලේකම්,  ඉඩම් අමාත්‍යංශය, “මිහිකත මැදුර”, අංක 1200/6, රජමල්වත්ත පාර, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකරන ලෙස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්. ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya