බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 157 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.4,070,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම මතුගම සී.ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී 17 දින සිදුකරන ලදී.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතම ‘දිරිගන්වන්නකු’ ලෙසින් කටයුතු කරනු ලබන පර්සි අබේසේකර මහතා වෙනුවෙන් රුපියල් මිලියන 5 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව එරට රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 33කු (19) දින ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් මගින් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.
සෞදි අරාබියේ ගෘහ සේවිකාවක වශයෙන් සේවයට ගොස් සිටියදී අසනීප තත්වයෙන් පසුවූ කාන්තාවක්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර මාස 2ක් තුළ දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.