අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා සහයෝගයක් දැක්වීමක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
“තරග දිරිගන්වන්නකු ලෙසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පර්සි ලබා දීලා තිබෙන දායකත්වය අපමණයි. ඔහු ක්‍රීඩකයින් මෙන්ම සමස්ථ ක්‍රීඩාවේම ශක්තියේ කුළුණක්. ඔහුහේ යහපැවැත්ම ගැන සොයා බලන්න අපිට ලැබුණු හොඳම වෙලාව මේක” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවැසීය.
පර්සි මහතාගේ සුව දුක් විමසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් ඒ් මහතාගේ නිවසට ගිය මොහාන් ද සිල්වා මහතා ඒම මුදල් පරිත්‍යාගය පර්සි අබේසේකර වෙත සිදුකරන ලදී.