විපක්ෂය එල්ල කරන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවත්, එම චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස තමා ඉල්ලා සිටින බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දින (20) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.
ලිංගික ප්‍රජනනය සම්බන්ධයෙන් මෙරට දරුවන්ට ලබා දි ඇති දැනුම ප්‍රමාණවත් නැති බවත් වයසට අනුව එම දැනුම දරුවන්ට ලබා දිය යුතු බව කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දි අද (20) පැවසුවාය.
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.