එම චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස තමා ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
ජනතාව පීඩනයට පත් කළොත් ජනතාව ආපිට හැරිලා අපට සළකන්නෙත් ඒ ආකාරයටමයි.මම හෙට මේ පාර්ලිමේන්තුවෙන් පිට වුණත් මහාචාර්ය රංජිත් බණ්ඩාර විදියට මාව පිළිගන්නවා. යැයිද පැවසීය.
තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.