නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි

    නොවැම්බර් 20, 2023

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දින (20) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

    ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හට වැඩභාර ගැනීමෙන් අනතුරුව පැමිණි සිටි නිළධාරීන් හා කාර්ය මණ්ඩලය සුභ පැතුම් එක් කල අතර නව ලේකම්වරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය.

    විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මින් පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම් වරයෙකු වශයෙනුත් සේවය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එම සංවිධානයේ නියෝජිතවරයෙකු වශයෙන් ද පත්කර තිබිණි. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවාවක් කල එතුමා කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙකි.

    මෙම වැඩ භාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න , වත්සලා ප්‍රියදර්ශනී , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මින් ද, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් හා රොහල් හා සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගී වුහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya