අන්තර් ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය සැප්තැම්බර් අද (19) දිනට යෙදී තිබෙන අතර එය නිමිතිකොට ගෙන ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.
මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද (17) සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ පැහැදිළි වෙනසක් ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළින් සිද්ධකරන බවත් ශිලාචාර ආණ්ඩුවක් හදන බවත් අපචාර සැමරීම සඳහා උත්සව පවත්වන පළාත් පාලන ආයතන, පිස්තෝල රැගෙන හෝටල්වලට ගොස් වෙඩි තියන, මිනිස්සු මරණ ප්‍රාදේශීය නායකයන්,මාළු ලෑල්ලට ගොස් කප්පම් ගන්න මන්ත්‍රීවරු අවශ්‍ය නොමැති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ධූරයට පත් වූ කරුණාරත්න පරණවිතාන මහතා අද (16) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිය තනතුරේ සුබ මොහොතින් රාජකාරී ආරම්භ කළේ ය.