අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා හා පළාත් පලන නියෝජ්‍ය ඇමති රාජකාරී අරඹයි

    සැප්තැම්බර් 16, 2015

    පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ධූරයට පත් වූ කරුණාරත්න පරණවිතාන මහතා අද (16) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිය තනතුරේ සුබ මොහොතින් රාජකාරී ආරම්භ කළේ ය.

    karuරත්නපුර ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියකු වන
    කරුණාරත්න පරණවිතාන මහතා, තම උසස් අධ්‍යාපනය වශයෙන් එංගලන්තයේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය
    පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තේ ය.

     

    නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මීට පෙර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි,ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්,ලේක් හවුස් කතෲ මණ්ඩල අධ්‍යක්ෂ, කැනඩාවේ කොන්සල් ජනරාල්, සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කර තිබේ.


    මේ අවස්ථාවේ අඳහස් දක් වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තෆා මහතා, ප්‍රකාශ කළේ, දක්ෂ නියෝජ්‍ය අමාත්‍යවරකු ලබී ඇති බවත් එතුමා සමඟ විශාල වැඩකොටසක් කිරීමට හැකියාව පවතින බවත් සියලු දෙනා එක්ව යහපාලනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.


    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අඳහස් දක්වමින් පවසා සිටියේ, කරුණාරත්න
    පරණවිතාන මහතා අතිවිශිෂ්ඨ මෙන්ම බුද්ධිමත් පුද්ගලයකු බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශාල වැඩ කොටසක් සිදු
    කළ බවත් දින සියය තුළ එතුමා ලබාදුන් සහාය පිළිබඳව සතුටු වන බවත් ය.

     

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, කරුනාරත්න පරණවිතාන මහතා ඉතා දක්ෂ ලෙස
    සිංහල භාෂව භාවිත කරන බවත් ගමට බලය ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නට හැකි වෙතැයි විශ්වාස කරන බවත් අපි දැන් ඉදිරියට යන්නේ සබුද්ධික ජාතියක් බිහිකරන්නට බවද අමාත්‍යවරයා පැවසී ය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ප්‍රධාන මහා සංඝ රත්නය අනෙකුත් ආගමික පූජක උතුමන්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ඇතුළුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතික මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා, බස්නාහිර පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් ජයතිලක , හර්ෂ මාරසිංහ යන මහත්වරු ඇතුළු නගර සහා සහ ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අතුළු විශාල පිරිසක් රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    karu2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya