මහවැලි අමාත්‍යාංශ කාර්යාලයේ දී සංඝරත්නයේ ආශිර්වාදය මැද රාජකාරී ආරම්භ කළ අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද සහභාගී විය. ජනාධිපතිතුමා විසින් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට එහිදී සුබපැතුම් පිරිනැමීය.
මේ අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු ද පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ සහ අ,මාත්‍යාංශය යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.