2015 වසරේ ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර තිබේ. පරිසර විෂය භාර අමත්‍යවරයා ද වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මෙම නම් කිරීම සිදු කර ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවසයි.
2015 වර්ෂයේ ගත වූ මාස 9 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 20509 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
ලෝකයේ අංගවිකලතාවයන් ඇති කරනු ලබන රෝග අතරින් බරවා රෝගය ප‍්‍රධාන තැනක් ගනු ලබයි. බරවා රෝගය රටවල් 81 ක පමණ පවතින අතර මිලියන 120 ක පමණ ජනතාවකට ආසාදනය වී ඇත. තවද මිලියන 120කට පමණ වැඩි ජනතාවකට මෙය තර්ජනයක් වී තිබේ.
ඉදිවෙමින් පවතින ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කිළිනොච්චියේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රගතිය නිරීක්ෂණය කෙරේ.