අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බරවා රෝගයෙන් තොර ශ‍්‍රී ලංකාවක් සඳහා අප සැවොම එක්වෙමු

    සැප්තැම්බර් 19, 2015

    ලෝකයේ අංගවිකලතාවයන් ඇති කරනු ලබන රෝග අතරින් බරවා රෝගය ප‍්‍රධාන තැනක් ගනු ලබයි. බරවා රෝගය රටවල් 81 ක පමණ පවතින අතර මිලියන 120 ක පමණ ජනතාවකට ආසාදනය වී ඇත. තවද මිලියන 120කට පමණ වැඩි ජනතාවකට මෙය තර්ජනයක් වී තිබේ.

     

    මෙම රෝගය දකුණු ආසියාතික රටවල් වන ශ‍්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, බංගලාදේශය, මියන්මාරය නේපාලය, ඉන්දුනීසියාව හා
    තායිලන්තය වැනි රටවල පවතිනු ඇත. ශ‍්‍රී ලංකාව හා මාලදිවයින වැනි රටවල මෙම රෝගය පහළ මට්ටමක පවතියි.

     

    මෙම රෝගයෙන් මිනිසුන් මරණයට පත් නොවන අතර දිගු කාලීනව ඉදිමුණු අත් පා ආදිය නිසා සමාජයීය, ආර්ථික මෙන්ම මානසික
    අපහසුතාවයන්ට ද ලක්වේ. ශ‍්‍රී ලංකාවේ බස්නාහිර, දකුණ හා වයඹ යන පළාත් තුනක බරවා රෝගය නිදන්ගතව ඇති බැවින් මේ පළාත්
    පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

     

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ බරවා රෝගය තුරන් කිරීමේ වැඩසටහනේ අරමුණ වී ඇත්තේ 2020 වසර වන විට සාමාජික
    රටවලින් බරවා රෝගය තුරන් කිරීමයි. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර පණු ප‍්‍රතිශකය 1%ට වඩා අඩු බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බරවා තුරන් කිරීමේ සහතිකය ලබා ගැනීමේ අවසන් අදියරට පැමිණ සිටියි.

     

    බරවා රෝගය තුරන් කිරීමේ විශේෂ ප‍්‍රතිකාර වැඩසටහනක් සැප්තැම්බර් 21 වන දින ගාල්ල දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
    කොට්ඨාශ 14 ක ක‍්‍රියාත්මක කිරීමට බරවා මර්දන ව්‍යාපාරය සැළසුම් කර තිබේ. මෙම ඖෂධය සැප්තැම්බර් 21 සිට සතියක කාලයක් පවුල් සෞඛ්‍ය කාර්යාලයෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මඟින් ලබා ගැනීමට හැකියාව ඇත.

     

    මෙම ඖෂධ ප‍්‍රතිකාරය ගාල්ල දිස්ත‍්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 14 හි සියලූම දෙනා භාවිතා කළ යුතු බව සෞඛ්‍ය
    අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. මෙම විශේෂ ප‍්‍රතිකාරය වයස අවුරුදු 2ට අඩු දරුවන්, ගැබිණි මව්වරුන්, අවුරුදු 2ට අඩු දරුවෙකුට
    කිරි දෙන මව්වරුන් හා අසාධ්‍ය රෝගීන් භාවිතා නොකළ යුතු වේ.

     

    මෙම ඖෂධය භාවිතා කිරීමෙන් ඇතිවන අතුරු ආබාධ අවම වන අතර අතුරු ආබාධයක් ඇති වුවහොත් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි. මෙම විශේෂ ප‍්‍රතිකාරය නිවැරදිව ලබාගෙන බරවා රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ මහඟු කර්තව්‍යයට දායක වන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පසුගිය දා පැවැති සම්මන්ත්‍රණය සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
    ජනරාල් විශේශඥ වෛද්‍ය පී. ජී. මහීපාල, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, බරවා මර්දන
    ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. එල්. ෆරීඩි හා බරවා මර්දන ව්‍යාපාරයේ ප‍්‍රජා වෛද්‍ය එස්. දිල්හානි සමරසේකර යන මහත් මහත්මීන් සහභාගී වූහ.

    cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya