දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි ඇති වීමේ සහ දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව තව දුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ 100 වැනි ආධුනික පුහුණු කණ්ඩායමේ පළමු අදියරේ විසිරයාමේ නිළ උත්සවය අද (15) පැවැත්වීමට නියමිතය.
බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ සහ දකුණු පළාත්වලවත් රත්නපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩමුළුව අදත් පැවැත්වෙයි.