අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී

    සැප්තැම්බර් 11, 2015

    අටවැනි අභිනව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩමුළුව අදත් පැවැත්වෙයි.

    වැඩමුළුව දින දෙකක් තුළ පැවැත්වෙන අතර මෙහි සමාරම්භක උත්සවය ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.දෙවැනි දින වන අද (11) වැඩමුළුව සැසිවාර දෙකකින් යුක්ත වෙයි.

     

    සභාවේ පරිචයන්, ක්‍රියාපටිපාටීන් සහ සම්ප්‍රදායන්, මහජනතාව සමඟ සම්බන්ධ වී ඔවුනට ඇහුම්කම් දී ඔවුන්ගේ අවශ්‍යතා පාර්ලිමේන්තු
    ක්‍රියාවලියට යොමු කිරීම, කාරක සභා හී කර්තව්‍ය සඳහා ඵලදායී දායකත්වයක් ලබාදෙන්නේ කෙසේ ද යන්න සාකච්ඡාවට බදුන් වෙයි.

     

    මෙහි දේශන මෙහෙය වීම, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, යූ.එන්.ඩී.පී පාර්ලිමේන්තු උපදේශක සහ හිටපු
    පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් ෂෝවෙල්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ආචාර්ය
    ඩීනා මෙල්හැම් යන මහත්ම මහත්මීන් විසින් සිදු කරයි.

     

    දෙවැනි සැසිවාරය ජාතික සමගිය හා සංහිදියාව ප්‍රවර්ධනය සඳහා පාර්ලිමේන්තු යාන්ත්‍රණය භාවිත කිරීම සාකච්ඡා කිරීම, පාර්ලිමේන්තු
    මන්ත්‍රීවරුන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳව සාකච්ඡාවට බදුන් වෙයි.

     

    මෙහි දේශන මෙහෙය වීම ජාතික සමගිය සහ සංහිදියාව සඳහා වන කාර්යාලය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මින්ස්ටර් පදනමේ
    ආසියා කලාපයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ ආචාර්ය ඩීනා මෙල්හැම් මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා
    විසින් සිදු කරයි.

     

    මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට තමන්ට තිබෙන වගකීම, පාර්ලිමේන්තු යාන්ත්‍රණය තුළින් වඩා කාර්යක්ෂම හා ඵලදායී
    ආකාරයෙන් සිදු කරගනීම සඳහා පාර්ලිමේන්තු නීති රීති, සම්ප්‍රදායන් පිළිබඳව දනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරුණු බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ ඊයේ (10)  වැඩමුළුව අමතමින් පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya