අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුහුදු ප්‍රදේශවලට තද සුළං

    සැප්තැම්බර් 15, 2015

    දිවයිනේ නිරිත දිග කොටසේ තද වැසි ඇති වීමේ සහ දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව තව දුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    සවස 04.00න් පමණ පසු නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya