මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය- උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වෙරළ පවිත්‍ර කෙරේ

    සැප්තැම්බර් 19, 2015

    අන්තර් ජාතික වෙරළ පවිත්‍ර කිරීමේ දිනය සැප්තැම්බර්  අද (19)  දිනට යෙදී තිබෙන අතර එය නිමිතිකොට ගෙන ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.

     

    කිලෝ මීටර 32ක් වන වෙරළ තීරය පවිත්‍ර කිරීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ සම්බන්ධීකරණය යටතේ පෙ.ව.
    7.00 සිට පෙ.ව. 11.00 දක්වා ක්‍රියාත්මක වෙයි.


    වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවැත්වෙන ආරම්භක අවස්ථාව ප්‍රීතිපුර වෙරළ උද්‍යාන වෙරළ තීරයෙන් ද, මීගමුව ප්‍රාදේශීය
    ලේකම් කොට්ඨාශයේ ආරම්භක අවස්ථාව බීච් පාර්ක් වෙරළ තීරයේ දී සිදු කෙරේ.

     

    මෙම පවිත්‍ර කිරීම් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කි.මී.14ක් මධ්‍යස්ථාන 7කදී ද, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ කිලෝමීටර 18ක් මධ්‍යස්ථාන 9ක දී සිදු කෙරේ.අපද්‍රව්‍ය එකතු කිරීම වර්ගීකරණයකට අනුව සිදු කෙරේ.

     

    මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, ත්‍රවිධ හමුදාව, පොලීසිය, ග්‍රාම නිලධාරීන් , දිවිනැගුම නිලධාරීන්, ඇතුළු රාජ්‍ය නිලධාරීන්
    විශ්වවිද්‍යාල ශිෂ්‍ය  ශිෂ්‍යාවන් ,පාසල් දරුවන්, හෝටල් හිමියන් රාජ්‍ය නොවන සංවිධාන ද සහභාගී වෙයි.

     

    ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙන අතර
    සැප්තැම්බර් 19 සිට 23 දක්වා දිස්ත්‍රික්ක 14ක වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya