අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළින් පැහැදිළි වෙනසක් සිදු කරනවා

    සැප්තැම්බර් 16, 2015

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරයේ පැහැදිළි වෙනසක් ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළින් සිද්ධකරන බවත් ශිලාචාර ආණ්ඩුවක් හදන බවත් අපචාර සැමරීම සඳහා උත්සව පවත්වන පළාත් පාලන ආයතන, පිස්තෝල රැගෙන හෝටල්වලට ගොස් වෙඩි තියන, මිනිස්සු මරණ ප්‍රාදේශීය නායකයන්,මාළු ලෑල්ලට ගොස් කප්පම් ගන්න මන්ත්‍රීවරු අවශ්‍ය නොමැති බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (16) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිය අමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමිනි.


    ජනවාරි අටවෙනිදා මේ රටට ශීලාචාර දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා අනතුර අතට අරගෙන එළියට බැස්සා. අපිට පෙනුනා,  ඒ ඇති කළ වෙනසම ඉදිරියට පුළුල් කරනවා වෙනුවට වෙන දෙයක් කිරීම වැරදි බව.

    අපි ගත් තීන්දුව ,රටට ඉදිරිපත් කළ දර්ශනය නිවැරදි බව රට හමුවේ ඔප්පු වී තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ
    නායකත්වය පිළි අරගෙන දැන් මේ රටේ ආණ්ඩුවක් ඇති වී තිබෙනවා.

     

    මා පාර්ලිමේන්තුවට එව්ව, නියෝජ්‍ය අමාත්‍යවරකු කරන්න රත්නපුර ජනතාව ඇතුළු විශාල පිරිසක් වෙහෙස මහන්සි වුණා. ඒ සියලු දෙනා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

     

    අපේ රජය යහපාලනය මූලික කරගත් ශීලාචාර දේශපාලනය මූලික කරගත්ත, ජාතිවාදය වර්ගවාදය තුරන් කිරීම වෙනුවෙන් පෙනී සිටින රාජාණ්ඩුවක් නොව ජනරජයක් කියන මතයේ සිටින, එම ජනරජය ගොඩ නගන නව දේශපාලන දැක්මකින් සන්නද්ධ වැඩපිළිවෙලකින්
    යුක්ත ආණ්ඩුවක්.


    ඒ ආණ්ඩුවේ පළාත් ආණ්ඩුවේ වගකීම,අපට භාරදී තිබෙනවා. අපිට තිබෙන්නේ විශාල වගකීමක්. ආණ්ඩුකරණය විෂයේ දී එය ප්‍රාදේශීය
    ආණ්ඩුකරණයක් විය යුතුය යන්නයි අද මූලධර්මය. අපිට විශ්වීය වශයෙන් සිතන්නට පුළුවන්. අපි ක්‍රියාත්මක විය යුත්තේ ප්‍රාදේශීය
    වශයෙන්. එම ප්‍රාදේශීය ක්‍රියාකාරීත්වය සමාජ ගත කිරීම පැවරී තිබෙන්නේ මෙම අමාත්‍යාංශයට.

     

    එම ජාතික ඉදිරිදැක්ම, ශ්‍රී ලංකාව සිසාරා ව්‍යාප්ත වී තිබෙන, සමස්ත පළාත් පාලන පද්ධතිවලට ලබාදීලා, අපේ කාර්යසාධනය උපරිම ලෙස සාක්ෂාත් කිරීම තමයි, අපගේ අරමුණ වී තිබෙන්නේ.

     

    පළාත් පාලනයේ අපේ ඓතිහාසික සම්ප්‍රදායන් ගැන සඳහන් වී තිබෙනවා. එහෙත් එම සම්ප්‍රදායන් සහිත පළාත් පාලන ආයතන
    නොවේ දැන් තිබෙන්නේ.


    පළාත් පාලන විෂයෙහි ශ්‍රී ලංකාව ගෝලීය පර්යේෂණාගාරය. අද යුගය ඇති වී තිබෙන්නෙ, එවැනි ඉතිහාසයක් ඇති රටක ආණ්ඩුකරණය
    කොහොමද ප්‍රාදේශීය ආණ්ඩුකරණය ඔස්සේ,ඉදිරියට ගෙනි යන්නේ කියයි.


    පළාත් පලන අමාත්‍යාංශය කියන්නේ වැඩකට නැති නිකන් වරප්‍රසාද භුක්ති විදින අමාත්‍යාංශයක් කියන මතය ෆයිසල් මුස්තෆා අමාත්‍යතුමා වෙනස් කරනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය උපරිමයෙන් ලබාදෙනවා.

     

    අපේ වසර පහ අවසන් වන කාලය තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරනයේ පැහැදිළි වෙනසක් ප්‍රාදේශීය ආණ්ඩුකරණය තුළින් සිද්ධකරනවා. අපි ශිලාචාර ආණ්ඩුවක් හදන්නේ. තමන් කළ අපරාධ, අපචාර සැමරීම සඳහා උත්සව පවත්වන පළාත් පාලන ආයතන
    අවශ්‍ය නෑ. පිස්තෝල රැගෙන හෝටල්වට ගොස් වෙඩි තියන, මිනිස්සු මරණ ප්‍රාදේශීය නායකයන් අපට අවශ්‍ය නෑ. මාළු ලෑල්ලට ගොස් කප්පම් ගන්න මන්ත්‍රීවරු අපට අවශ්‍ය නෑ.

     

    මේ විෂය සම්බන්ධයෙන් ලෝකය පුරා විශේෂ අවධානයක් ලැබී තිබෙනවා. අපිට සිද්ධ වෙනවා ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ
    වෙන්නට. මේ විශාල වගකීම පවරා දුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මා ස්තූතිවන්ත වෙනවා''යැයි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya