ඉදිරියේ දී ජනතා අයිතියට පත්කිරිමට නියමිත කොළඹ ජාතික රෝහලට අනුබද්ධව ඉදිකෙරෙමින් පවතින මහල් 10 කින් සමන්විත ජාතික දන්තායතන ගොඩනැගිල්ල, මහල් 08 කින් සමන්චිත අපස්මාර රෝග ප‍්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල සහ ස්නායු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (01) දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
“සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන" යන සංකල්පය යටතේ, ආහාර වලින් රට ස්වයංපෝෂිත කර ගැනීමේ හා ආහාර ආනයනය සදහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්රිදක්කයේ ආහාර නිෂ්පාදන වැඩසටහන ඔක්තෝබර් 05 වැනිදා පෙ.ව. 9.30 ට මාතර කොටවිල - නුගගහවත්තේ දී පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 06 දිනට යෙදෙන ලෝක ගුරුදිනයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, SLIM ආයතනය,දිස්ට්‍රික් ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක අංශය එක්ව සංවිධානය කරනු ලබන ගුරු උපහාර උළෙලක් හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් ඔක්තෝබර් මස 08 දින පැවැත්වීමට නියමිතය.
ජාතික මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 5,67,000ක් පරික්ෂා කළ බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.