මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 5,67,000ක් පරික්ෂාවට -ජෛව විද්‍යාත්මක ක්‍රම මගින් මදුරුවන් විනාශ කළ හැකියි - වෛද්‍ය හසිත තිසේරා

    ඔක්තෝබර් 03, 2015

    ජාතික මදුරු මර්දන සතිය තුළ පරිශ්‍ර 5,67,000ක් පරික්ෂා කළ බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

    වෛද්‍ය හසිත තිසේරා මහතා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    ඩෙංගු මර්දනය සහ වසංගත රෝග මර්දනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබෙන පියවර පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.


    මේ වනවිට ඩෙංගු මරණ පාලනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම ඊශාන සහ නිරිත දිග මෝසම් තත්ත්වය නිසා වර්ධනය වෙනවා.

    මේ වසරේ ගත වූ මස කීපය තුළ රෝගීන් අවම කරගැනීමට හැකි වූයේ ප්‍රජාවගෙන් ලැබුණු දායකත්වය නිසයි. ඒ නිසා ඩෙංගු කාරක ක්ෂේත්‍රයේ ඇති වීම පාලනය කර ගැනීමට හැකි වුණා. පසුගිය වසරට සාපේක්ෂව රෝගීන් 11,000ක අඩුවීමක් තිබෙනවා.එය හොඳ තත්ත්වයක්

    විශේෂයෙන් ආයතන,පාසල් ගොඩනැගිලි ඉදිකරන ස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමෙන් ම වැහි පීලි පිළිබඳව අවධානය යොමු කර ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. කසල කළමනාරණයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. මත්ස්‍යයන් යොදා ගැනීම වැනි ජෛව විද්‍යාත්මක ක්‍රම මගින් මදුරුවන් බෝවන ක්ෂේත්‍ර විනශ කිරීම කළ හැකි බවද වෛද්‍ය හසිත තිසේරා මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya