අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකෙරෙමින් පවතින ජාතික දන්තායතනය, අපස්මාර රෝග ප‍්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිරීක්ෂණයට

    ඔක්තෝබර් 02, 2015

    ඉදිරියේ දී ජනතා අයිතියට පත්කිරිමට නියමිත කොළඹ ජාතික රෝහලට අනුබද්ධව ඉදිකෙරෙමින් පවතින මහල් 10 කින් සමන්විත ජාතික දන්තායතන ගොඩනැගිල්ල, මහල් 08 කින් සමන්චිත අපස්මාර රෝග ප‍්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල සහ ස්නායු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (01) දින සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.


    කොළඹ ජාතික රෝහලට අනුබද්ධව ඉදිකෙරෙන මෙම ගොඩනැගිලිවල පවතින අඩුපාඩු සහ එම ඉදිකරීම් කටයුතු හැකි ඉක්මණින් අවසන් කිරීම සඳහා අදාල කොන්ත‍්‍රාත් සමාගම් වෙත උපදෙස් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාවෙ නිරත වී තිබේ.



    දැනට අපස්මාර රෝග කටයුතු සහ දන්ත වෛද්‍ය සේවා කටයුතු කොළඹ ජාතික රෝහලේ එක් එක් ස්ථානවල පවත්වාගෙන යන අතර, එම නිසා ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට ද විශාල අපහසුතාවයන්වලට ලක්වීමට සිදුව ඇත.

     

    මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමත් සමග එම ප‍්‍රතිකාර සේවාවන් සඳහා පැමිණෙන රෝගීන්ට එකම ස්ථානයකින් අවශ්‍ය සියළුම ප‍්‍රතිකාර සේවාවන් කිසිදු අපහසුතාවකින් තොරව ලබාගත හැකියාව ලැබේ.

     

    මෙම ඉදිකිරීම් කටයුතු සිදුකරන ජාතික දන්තායතන ගොඩනැගිල්ල හා අපස්මාර රෝග ප‍්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල තුළ බාහිර රෝගී ප‍්‍රතිකාර පහසුකම්, හදිසි ප‍්‍රතිකාර පහසුකම්, නේවාසික ප‍්‍රතිකාර, ශල්‍යකර්ම, ඖෂධ ගබඩා පහසුකම් සහ රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමේ නවීන පහසුකම් ආදී සියළු පහසුකම්වලින් සමන්චිත වේ.

     

    මෙම නිරික්ෂණ චාරිකාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම ගොඩනැගිලිවලට අඩුපාඩුව පවතින සියළු උපකරණ 2016 අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කරන මුදලින් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවත්, අවශ්‍ය විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙදි ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද ඉතා ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවත්, හැකි ඉක්මණින් මෙහි ඉදිකිරීම් කටුයතු අවසන් කර ජනතා අයිතියට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙසත්, අදාල අංශ වෙත උපදෙස් දෙන ලදි.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මිය, දන්තායතනයේ අධ්‍යක්ෂ එම්.වයි.කේ විල්ප‍්‍රට් මහතා, නව අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya