විසර්ජන පනත් කෙටුම් පත ( අය වැය ) පහළොස්වැනි වෙන් කළ දිනය (30) කාරක සභා අවස්ථාවේ විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.