( COP 28) ලෝක නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණය හිමියන්ගේ රටවල එකගතාවය ඊයේ ලැබුණු බවත්,එළඹෙන දෙසැම්බර් වන විට IMF දෙවන වාරිකය ලබා ගෙන මේ රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ.
පොහොට්ටුව හොරුත් සමඟ දේශපාලනය නොකරන බවත් රට බංකොලොත් කළේ විපක්ෂය බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.