මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 කෘෂිකර්ම පර්යේෂණ විශිෂ්ටතා ජාතික සම්මාන ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 10, 2014
    කෘෂිකර්ම පර්යේෂණ නංවාලීමට දායක වූ විද්‍යාඥයන්ට හා ජාතික කෘෂිකර්ම පර්යේෂණ විශිෂ්ටතා සම්මානලාභීන් වෙත සම්මාන ප්‍රදානය කිරීම සඳහා සංවිධානය කළ කෘෂිකර්ම පර්යේෂණ විශිෂ්ටත්වය උදෙසා ජාතික සම්මාන ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    කෘෂිකාර්මික අංශයට දක්වන දායකත්වය අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත උපහාර තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.
     
    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති ආචාර්ය ජයන්ත සමරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට එක්වූහ.
     
    DB
     
    agri1
     
    agri3
     
    agri2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya