"ගොවිජන සේවාවේ දස වසරක පිය සටහන්" මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුවට උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලු ම පළාත් නියෝජනය කරමින් ගොවි සංවිධානවල නිලධාරීන් සහ නියෝජිතවරු එක් සිටියහ.
උත්සව ශාලාව වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔවුන් විසින් පිළිගත්තේ මහත් හරසරින් යුක්තවය.
අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.එම්. චන්ද්‍රසේන මහත්වරු, පළාත් කෘෂිකර්ම අමාත්‍යවරු, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.