මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලු ම දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂාව සපයා අවසන්

    නොවැම්බර් 10, 2014

    අද වන විට සියලු ම දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂාව සපයා ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂාව සපයා නැති හරස් මාර්ග සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (10) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් මේ පිළිතුර සභාගත කරන ලදී.

    හරස් මාර්ගයේ ස්වභාවය අනුව දිනකට රථවාහන විශාල සංඛ්‍යාවක් ධාවනය වන ජනාකීර්ණ හරස් මාර්ග සඳහා විදුලි සීනු සහිත සංඥා පද්ධතියක් සමඟ ගේට්ටු සවිකර ගේට්ටුකරුවන් යොදවා ආරක්ෂාව සපයා ඇත. ඊට වඩා ජනාකීර්ණ හා දිනකට ධාවනය වන රථවාහන සංඛ්‍යාව අඩු හරස් මාර්ග සඳහා විදුලි සීනු සහිත සඥා පද්ධතියක් පමණක් සවිකර ආරක්ෂාව සපයා ඇති බව ද එම පිළිතුරෙ හි සඳහන් වේ.


    මේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ප්‍රාග්ධන වියදමක් දැරීමට සිදු වේ. එම නිසා වාර්ෂික ව ලැබෙන ප්‍රතිපාදන මත ආරක්ෂක ක්‍රමවේද හඳුන්වාදීම සිදු කර ගෙන යනු ඇත. එතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂාව සපයා නැති හරස් මාර්ග සඳහා පොලිස් ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇති බව ද එම පිළිතුරෙහි වැඩිදුරටත් සඳහන් වේ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya