මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න අහන අයත් - පිළිතුරු දෙන අයත් ආ යුතුයි

    නොවැම්බර් 08, 2014

    “ප්‍රශ්න අහන අයත් එන්න ඕන. ප්‍රශ්නවලට උත්තර දෙන අයත් එන්න ඕන කියා තමා තීන්දු කරන්නේ යැ“යි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අද (08) උදෑසන පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එසේ පැවසුවේ අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමට හා පිළිතුරු දීමට අදාළ මන්ත්‍රීවරු බොහෝ දෙනෙකු සභා ගැබේ නොසිටි බැවිණි. එබැවින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය විනාඩි පහකින් පමණ නිමාවට පත් විණි.

     

    නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 8ක් අද න්‍යාය පත්‍රයට ඇතුළත් ව තිබුණි.

     

    ප්‍රශ්න යොමුකර තිබූ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සභාවේ සිටියේ රවි කරුණානායක හා පී. හැරිසන් මහත්වරුන් පමණි. සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, අනුර කුමාර දිසානායක, අශෝක් අබේසිංහ, අකිල විරාජ් කාරියවසම් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරුන් සිය ප්‍රශ්න විමසීමට සභා ගැබේ නොසිටියහ.

     

    දෙවන වටයේ දී ඔවුන් වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලා සිටි අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රශ්න දෙකකට පිළිතුරු සභාගත කරන ලදී.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya