මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායයෑම් සහන ප්‍රයත්නයන් සඳහා නවසීලන්තය සහය පළ කරයි

    නොවැම්බර් 05, 2014

    නවසීලන්තයේ ප්‍රාථමික කර්මාන්ත සහ අධි ධාවනය පිළිබඳ අමාත්‍ය නේදන් ගායි (Mr Nathan Guy) මහතා සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතර ඊයේ (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී, තම රජය වෙනුවෙන් කොස්ලන්ද නායයෑමෙන් පසු සිදු වන සහන ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ඒ මහතා ඉදිරිපත් විය.


    "නායයෑම පිළිබඳ අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා. නවසීලන්ත සහය අවශ්‍ය නම් එය ලබාදීමට අප සැහැදී පැහැදී සිටිනවා".

    දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ගායි මහතා ව්‍යාපාර දූත කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි සිටී. දූත පිරිස අනෙකුත් අංශ අතර ආගන්තුක සත්කාරය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය හා කිරි කර්මාන්තය යන අංශ නියෝජනය කරන බව ද ඔහු කීය.

    කිරි කර්මාන්තය ගැන සාකච්ඡා කරමින්, කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය යන අංශ තුළ එකිනෙකාගෙන් ඉගෙන ගැනීමේ ක්‍රමයක් ලෙස දෙරට අතර ගොවීන් හුවමාරු කිරීමට ජනාධිපතිතුමා යෝජනා කළේය.

    එයට එකඟ වූ ගායි මහතා එය අප තවදුරටත් ගවේෂණය කළ යුතු එක් අංශයක් බව පැවසීය. ගායි මහතා, ජනාධිපතිතුමාට, නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජෝන් කී හා විදේශ කටයුතු අමාත්‍ය මරේ මැකූලි මහතාගේ සුභාශිංෂන ද එක් කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ආසනයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව, නවසීලන්තයට දැක්වූ සහය පිළිබඳව ද  ඔහු ස්තූති කළේය. මේ වසරේ ඔක්තෝබර් මාසයේ මහා සමුළුවේ පැවති ඡන්දයකින් අනතුරුව ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයෙක් ලෙස නවසීලන්තය 2015 ජනවාරි මස සිට ඇරඹෙන වසර 02ක කාලයක් සඳහා තේරී පත් විය.

    කුඩා රාජ්‍යයන් නියෝජනය කිරීම අපට ඉතා වැදගත් යැයි කී ගායි මහතා ඔක්තෝබර් මාසයේ පැවති ඡන්දයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක අග්‍රාමාත්‍ය ජෝන් කී කුඩා රාජ්‍යයන් නැවත නැවතත් සඳහන් කරනු ලැබීය. ආරක්ෂක මණ්ඩලයේ ස්ථානයක් දිනා ගැනීමේ නවසීලන්තයේ සාර්ථකත්වය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් අඩකටත් වඩා වැඩි වන කුඩා රාජ්‍යයන් ලද ජයග්‍රහණයකි.

    කුඩා හා මධ්‍ය රාජ්‍යයන් නියෝජනය කිරීමෙහි ලා ඇති කැපවීම හරහා නවසීලන්තයට ආරක්ෂක මණ්ඩලය තුළ වටිනා දායකත්වයක් ලබා දිය හැකි බවට රාජපක්ෂ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙයි.

    නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සමඟ එක්ව 2015 පෙබරවාරි මස පවත්වනු ලබන ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගිවීම සඳහා රාජපක්ෂ ජනාධිපතිතුමා හට දැනටමත් නිල වශයෙන් ආරාධනා කොට ඇති බව තවත් සාකච්ඡාවක මාතෘකාවක් විය. මේ ආරාධනය පිළිබඳ නැවතත් සඳහන් කළ ගායි මහතා ශ්‍රී ලංකාවට එරෙහි ව ක්‍රයිස්ට්චර්ච් හා පැවැත්වෙන සමාරම්භක තරගය සඳහා සහභාගි වන ලෙස ද ජනාධිපතිතුමාට අනුබල දුන්නේය.

    ඔබ නවසීලන්තයට පැමිණෙන්නේ නම් අප ඉතා සතුටු වෙනවා යැයි ගායි මහතා කීවේය. එය ක්‍රිකට් තරගාවලිය සුවිශේෂ කරනු ඇත යනුවෙන් පැවසූ ඔහු එවන් පැමිණීමක්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු නවසීලන්තයට පැමිණෙන ප්‍රථම අවස්ථාව වනු ඇති බව ද කීය.

    අමාත්‍යවරයා හා අනෙකුත් නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග්‍රැහැම් මෝර්ටන් මහතා ද විය. රාජපක්ෂ මහතා හමු වූ දූත පිරිස අතර නවසීලන්තයේ හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ෆ්ලෙමින් මහතා ද විය.

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, එහි ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ යන මහත්ම මහත්මීහු ද මීට එක් ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya