මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'මහින්ද චින්තනය', ශී‍්‍ර ලංකා වංශකතාවේ අමරණීය ම ජනතා චින්තනය වනු ඇත

    නොවැම්බර් 05, 2014

    ඌන සංවර්ධිත තත්ත්වයෙන් සංවර්ධිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව මෙහෙයවන මහින්ද චින්තනය දිනෙක ශී‍්‍ර ලංකා වංශකතාවේ අමරණීය ම ජනතා චින්තනය වනු ඇති බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කළමනාකරණ අධ්‍යාපන හා වාණිජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ව්‍යාපාර ආර්ථිකවිද්‍යා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දෙයි.


    කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 47 වැනි ගුණ සමරුව නිමිත්තෙන් පෙරේදා (03) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති විශේෂ ගුණ සමරු දේශනය සිදු කරමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ය.

    "මහින්ද චින්තනයේ පදනම සහ අනාගත ශී‍්‍ර ලංකාව" මැයෙන් පැවති එම දේශනය සිදු කරමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සංහිඳියාවෙන් යුතු පාලනයකින් රට පාලනය කර ලෝකය හමුවේ ශී‍්‍ර ලාංකික ප‍්‍රතිරූපය නැතහොත් ශී‍්‍ර ලාංකේය අනන්‍යතාව අභිමානවත් ව තබනුයේ මහින්ද චින්තනය තුළින් බවයි.

    ජීවන බරට සැහැල්ලුවක් සැපයීමේ පරම අදිටනින් බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක් තැනීමේ කාර්යභාරය මහින්ද චින්තනයේ ප‍්‍රමුඛ පදනම බව ද ඔහු පෙන්වා දුන් අතර දශක තුනක් තිස්සේ දුකින්, බියෙන්, ත‍්‍රාසයෙන් ජීවත් වූ මිනිසාගේ එක ම පැතුම වූ කුරිරු යුද්ධයේ නිමාව ද මහින්ද චින්තනයෙන් සනිටුහන් කෙරුණු බව පෙන්වා දුන්නේ ය.

    නාවික ආර්ථික සංකල්පය පැරණි සේද මාවත ඔස්සේ නැවත ජනිත කිරීමටත් ඒ තුළින් අතීත වාණිජ මධ්‍යස්ථානයක්ව පැවති ශී‍්‍ර ලංකාවේ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමටත් හැකි චින්තාවක් මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කෙරේ.

    අධ්‍යාපනයෙන් ඉදිරියෙන් ම සිටින රටක් වන අප තව තවත් විශ්ව ගම්මානයේ දැනුම ජනිත කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් අවැසි වටපිටාව මහින්ද චින්තාවලියෙන් ඉදිරිපත් කිරීමට ගෝලීය පංච මහා කේන්ද්‍රයෙහි අධ්‍යාපනය සඳහා දී ඇති ඉඩකඩ විශාල යැයි පැවසීමට හැකිය. පෙර රජ දරුවන් බුදු දහමේ දැණුම් කේන්ද්‍රස්ථානයක් ලෙසට සංවර්ධනය කළ ඒ අතීත පදනම වර්තමාන ලෝකයේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට ශී‍්‍ර ලංකාව පත් කිරීමට මහින්ද චින්තය යොමුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

    රුහුණේ ශ්‍රේෂ්ඨ ජනතා පුත‍්‍රයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු, ඇමතිවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයකු වශයෙන් විශිෂ්ට ජනතා මෙහෙවරක් ඉටුකළ ජන නායකයකි.

     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya