එම පළාත් තුන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා සංගම් නියෝජිතයන්, ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් පන්දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටි අතර ජාතික ක්‍රීඩා සංවර්ධනය උදෙසා කළ මෙහෙවර අගයා ජනාධිපතිතුමා වෙත තිළිණයක් ද ප්රදානය කෙරිණි.
රට පුරා සියලු ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා භාණ්ඩ ප්රදානය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් මෙහිදී බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා භාණ්ඩ ප්රදානය කිරීම ද සිදු විය.
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පළාත් ක්‍රීඩා අමාත්‍යවරු, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ඇතුළු නිලධාරීහු ද මීට එක්ව සිටියහ.
DB