මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැව් හා වාරිකර්මාන්ත සම්බන්ධ ව්‍යාපෘති පළාත් සභාවෙන් ද සිදු කෙරෙනවා

    නොවැම්බර් 05, 2014

    වැව් හා වාරිකර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපෘති සිදු කිරීමේදී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයෙන් ම එය ඉටු නොකරන බවත් පළාත් සභාවෙන් ද එවැනි ව්‍යාපෘති ඉටුකරන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා එසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විෂය පථයට අනුව මහා වාරිමාර්ග මධ්‍යම රජයටත් සුළු වාරිමාර්ග පළාත් සභාවටත් අයත් වේ. ඒවායේ කටයුතු සිදු කරන්නේ අදාළ ආයතන මඟිනි. මේ අනුව බලය හා වැඩ බෙදීමක් සිදු වී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පළාත් සභාවේ වාරිමාර්ග අමාත්‍යාංශයක් පවතී. එහි ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් සේවය කරයි. ගොවිජන සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟිනුත් විවිධ වාරිකර්මාන්ත ව්‍යාපෘති සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya