මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත්වූවන් ගැන සොයා බැලීමට ජනපති එක්වෙයි

    ඔක්තෝබර් 30, 2014
    කොස්ලන්ද, මීරියබැද්ද ගම්මානයේ ඊයේ (29) උදෑසන සිදු වූ නායයෑමෙන් විපතට පත්වූවන් ගැන සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (30) පෙරවරුවේ කොස්ලන්ද ප‍්‍රදේශයට පැමිණියේය.
     
    නායයාම හේතුවෙන් මියගිය පිරිසගේ පවුල් වෙත සිය ශෝකය පළ කළ අතර විපතට පත්වූවන්ට හැකි ඉක්මනින් සහන සැලසීමටත් තවමත් සුන්බුන් අතර සිර වී සිටින පිරිස හැකි ඉක්මණින් මුදාගෙන ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු කඩිනමින් කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අාපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ඌව පළාත් මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    නායයාමෙන් නිල නිවාස 02ක්, නිවාස 150ක්, ලයින් කාමර 17ක්, කඩ පේළි 10ක් අයත් අක්කර 20ක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විපතට පත්වූවන් සොයා මෙහෙයුම් අද දිනයේ ද ආරම්භ කළ බව වැඩිදුරටත් සඳහන් කළේය.
     
    DB
     
     
     
     
    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya