මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගේ නියෝග මත සියලු අංශ මීරියබැද්ද විපතට පත් අයට සහන සැලසීමට කටයුතු කරනවා

    ඔක්තෝබර් 30, 2014

    මෑත කාලයේ සිදු වූ කනගාටුදායක ම ඛේදවාචකයක් ලෙස කොස්ලන්ද, මීරියබැද්ද ගම සිදු වූ අවස්ථාව හැඳින්විය හැකි බවත් එම සිද්ධිය පිළිබඳ ව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ, රජයේ හා රටේ ශෝකය මේ වන විටත් ප්‍රකාශ වී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

     

    ජනාධිපතිතුමා එම සිද්ධිය සිදු වූ අවස්ථාවේ සිට ඊට සම්බන්ධ වෙමින් අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. හමුදාව, පළාත් සභා, ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මේ සඳහා වහා ම මැදිහත් වී සිටිනවා. එම කටයුතු කර ගෙන යාමට අමාරු කාලගුණික තත්ත්වයක් යටතේ සියලු දෙනා නිරත ව සිටින බවට රජය සඳහන් කරනවා. අද (30) පෙරවරුවේ ජනාධිපතිතුමා එම ස්ථානයට ගොස් විපතට පත් ජනතාව සඳහා සක්‍රීය ව මැදිහත් වීම සිදු වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    අන්තර් මෝසම් වැසි නිසා ඊයේ (29) බදුල්ල, හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය මීට පෙර නාය යාමේ අවදානමක් පවතින බවට හඳුනා ගෙන ඇති කොටසක සිදු විය. වතු නිවාස පේලි 06ක, නිවාස 63ක, පවුල් 57ක 337 දෙනෙකු මේ නිසා විපතට පත් ව ඇත. ප්‍රජා ශාලාවක්, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 02ක්, හින්දු කෝවිලක්, සිල්ලර කඩ 02ක්, වතු නිල නිවාස 02ක් ඇතුළු ස්ථානවලට හානි සිදු ව තිබේ. මේ සියලු පවුල්වල දරුවන් 75 දෙනෙකු හා 100 දෙනෙකු පිටත්ව ගොස් සිටි නිසා අනතුරට පත් ව නැත. ඊයේ පස්වරු 8.00 වන විටත් අධික වර්ෂාවක් මේ ප්‍රදේශයේ පැවති නිසා නාය යාම සක්‍රීය ව පැවතිණි. එසේ වුවත් අනතුරට පත් වූවන් සෙවීමේ හා මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතී. මේ වන විට මළ සිරුරු 04ක් සොයා ගෙන ඇති බවත් සත්‍ය වශයෙන් ම නිවැරදි සංඛ්‍යාව තහවුරු කිරීමට අපහසු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අවදානම ලක් වූවන් 522ක් අතුරින් 317ක් කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේත් 202ක් පූනගල දෙමළ මහා විද්‍යාලයේත් සිටිති. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයනු ඇත. ජනාධිපතිතුමාගේ නියෝග මත ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ අධීක්ෂණයෙන් යුතුව පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු සියලු දෙනාගේ සහයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගලි පර්යේෂණ ආයතනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආපදා කළමනාකරණ ඒකක, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, රෝහල්, වෛද්‍ය ඒකක මේ සඳහා කටයුතු කරනු ඇත. විපතට පත්වූවන්ගේ අවමංගල්‍ය කටයුතු රජය මඟින් සිදු කරන බවත් රජයේ වගකීම අදාළ රෝහල්, සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් මඟින් ලබා දී ඇති බවත් ඔහු කීය. සුරක්ෂිත අය සඳහා අවශ්‍ය ආහාර, ඇඳුම්පැළඳුම් ඇතුළු මඋලික අවශ්‍යතා රජයේ මැදිහත්වීමෙන් ඉටු කර දෙනු ඇත. විපතට පත් ජනතාවට පොදු ජනතාවගේ මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන, පළාත් සභා අනුබද්ධ විවිධ ආයතන මඟින් සහය ලබා දීමට ද කටයුතු කරනු ඇතැයි විශ්වාසයයි.

     

    දෙමාපියන් අහිමි ව දිවි ගලවාගත් දරුවන්ගේ රැකබලා ගැනීම ඇතුළු සියලු වගකීම් රජය සිදු කරනු ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා අද පෙරවරුවේ මේ පරිශ්‍රයට ගොස් පැමිණීමෙන් පසු පස්වරුවේ රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිත බව ඔහු පෙන්වා දුන්නේය.

     

    රජය ජීවිත බේරාගත් පුද්ගලයන්ගේ පූර්ණ වගකීමේ කටයුතු කරනු ඇත. මේ ස්ථානයේ නාය යාම ගැන අවදානමක් පවතින බවට මීට පෙර හඳුනා ගෙන ඇත. ඒ අනුව 2005 වසරේ හඳුනාගත් පවුල් 75කට විකල්ප ස්ථාන ලබාදීමටත් එම ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කරන ලෙසත් නිර්දේශ කර තිබුණි. 2011 වාර්තා මඟින් මෙය තවදුරටත් තහවුරු කරමින් පවුල් 35ක් සඳහා ඉඩම් ලබා දී නිවාස ඉදිකිරීමට අවස්ථාව දුන් බව දිස්ත්‍රික් ලේකම් කාර්යලය වාර්තා කරයි. විකල්ප ඉඩම් ලබාගෙන ජනතාව එම ස්ථානවල පදිංචි වුවත් මේ ස්ථානයේත් පදිංචි ව සිටි නිසා මේ ඛේදවාචකයට මුහුණ දී ඇත. ඊයේ පෙරවරුවේ සිට මහින්ද අමරවීර අමාත්‍යවරයා එම ස්ථානයේ සිට රජයේ සම්පූර්ණ කටයුතු සොයබැලූ බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් ඒ අයුරින්ම මැදිහත්වීම් සිදු කරන බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya