මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය අනිවාර්යයි

    ඔක්තෝබර් 30, 2014

    ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය රසායනාගාර පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය හා ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ වන විට ලියාපදිංචි කර ඇති පෞද්ගලික රසායනාගාර සංඛ්‍යාව 721කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේවා අධීක්ෂණය කරනු ඇත. නිරවද්‍ය වාර්තා ලබාදීමට අපොහොසත් වන රසායනාගාර සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අවවාද කිරීමත්, ර්වා පිළිබඳ පසුවිපරම් කිරීම හා ඇතැම් රසායනාගාර වසා දැමීමත් සිදු කරන බව ඔහු පෙන්වා දුන්නේය.

    මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා මෙන් ම නිදහස් සෞඛ්‍ය සේවයත් ආරක්ෂා කරනවා. රජයේ රෝහල්වල පරීක්ෂණ සිදු නොකරන බව කිව නොහැකියි.  ඒවායේ සියලු ම පරීක්ෂණ සිදු කරනවා. විශේෂයෙන් ම ඩෙංගු රෝගය ගැන පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඉටු කරන්නේ රෝහල්වලිනි. මේ රටේ රජයේ රෝහල් 601ක් ද ක්‍රියාත්මකයි. නිදහස් සෞඛ්‍ය සේවාව මේ රටේ හොඳින් ක්‍රියාත්මකයි. රෝහල්වල රසායනාගාර පිළිබඳකතා කිරීමේදී එක ලැබ් එකක් හොඳ නැති වුණාට හැම රෝහලේ ම ඒ දේ වෙන්නේ නැහැ. ඇතැම් විට අඩුපාඩු ඇති. නමුත් සමස්ත සෞඛ්‍ය සේවයේ ම එසේ වනවා යැයි කියන්න එපා යැයි ද ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya