අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (30) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජාතික අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා මුදල් වෙන් කරන අතර ම පළාත් සභා මඟින් වෙන් කරන බව ඔහු පෙන්වා දුන්නේය. හැම රෝහලක ම නැති වුණත් බොහොමයක් රෝහල්වල ඖෂධ ගබඩා වායු සමීකරණය කර අංග සම්පූර්ණ කිරීමට හැමවිට ම උත්සාහ දරනවා. නිදහස් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ රෝහල්වලට ශීතකරණ ලබා දී තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ මේ අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශය නිසා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජරටින් බිහි වූ නායකයෙක්, පක්ෂයේ පැරණි ම සාමාජිකයෙක් වශයෙන් සිරිසේන මහතාට අනාගත අගමැති වීමේ සුදුසුකම ඇති බවයි.
NDH