මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්ත්‍රී වරප්‍රසාද ප්‍රශ්න වරප්‍රසාද කමිටුව හමුවේ කතා කළ හැකියි

    ඔක්තෝබර් 28, 2014

    ආර්. යෝගරාජන් මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කිරීම පිළිබඳ ව වහාම තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීම සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රතික්ෂේප කළේය.


    කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් මහතා අද (28) පාර්ලිමේන්තුව හමුවේ සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇතැයි කියමින් කරන ලද ප්‍රකාශයෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා කළ ඉල්ලීම පිළිගත නොහැකි බව කී සභානායකවරයා ප්‍රශ්නය වරප්‍රසාද කමිටුව හමුවේ කතා කළ හැකි නිසා අලුතින් කාරක සභා අවශ්‍ය නොමැති බව ද කීය.

    නගා ඇති වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ ව කතානායකවරයා තීරණයක් ගත යුතු බව පෙන්වා දුන් සභානායකවරයා එහිදී අවශ්‍ය පියවර ගත හැකි බව ද කීය.

    මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ ක්‍රියාදාමයකට අදාළ ව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු කැඳවා ඇප නියම කර ඇති බවත් පහර කෑමට ලක් වූ තම මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් වත් ලබා නොගෙන ඔවුන් අධිකරණය හමුවට කැඳවීම පිළිබඳ ව වහා ම කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා කාරක සභාව හමුවට කැඳවිය යුතු බව ද මේ අවස්ථාවේ දී ජෝන් අමරතුංග මහතා මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාගෙන් ඉල්ලා සිටියේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya