මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2012 සිට ඉතා හොඳ සංවර්ධනයක් මේ රටේ ඇති බව යුරෝපා සංගමය ම පැවසුවා

    ඔක්තෝබර් 28, 2014

    2012 සිට ඉතා හොඳ සංවර්ධනයක් මේ රටේ ඇති බව කිව් යුරෝපා සංගමය ම දැන් කියන්නේ 2012 සිට ශ්‍රී ලංකාවේ එවැනි වර්ධනයක් සිදු නො වූ බව යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    යුරෝපා සංගමයෙන් 2012 නොවැම්බර් ප්‍රශ්නයක් ආවා. ඒ අවස්ථාවේ මම යුරෝපා කොමිසම ඉදිරියට ගොස් කරුණු දැක්වීමෙන් පසු යුරෝපා පාර්ලිමේන්තුව මෙරට ප්‍රශස්ත වර්ධනයක් ඇති බව ප්‍රකාශ කළා. නමුත් පසුව ඔවුන්ගේ අදහස් වෙනස්වීම නිසා යුරෝපා සංගමයේ තානාපති සමඟ කතා කිරීමට නොවැම්බර් මුල් සතියේ සමුළුවක් පවත්වන බව සඳහන් කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කර ඇති පරිදි කරුණු 08න් 05ක් ම අප ඉටු කර ඇත. යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් සැදීම පමණක් අපට ඉතුරු ව තිබේ. ඒ සඳහා ප්‍රසම්පාදන කමිටුවක් පත්කර ගන්න වසර 04ක් ගත වුණා. ඊට හේතුව එවැනි දේ පිළිබඳ ලංකාවේ කවුරුත් නොදැන සිටීමයි. අප බැඳී සිටින්නේ ඉන්දියන් සාගරයේ ටූනා කොමිසමට බව පැවසූ අමාත්‍යවරයා අපේ කුඩා යාත්‍රා වෙනත් රටවලට යාම ගැටලුවක් බව ද සඳහන් කළේය.

    මෙහිදී නිරෝෂන් මන්ත්‍රීවරයා පසුගියදා ධීවර අමාත්‍යාංශය ඉදිරියේ පැවති ධීවර විරෝධයේදී සිදු වූ සිදු වීම් ගැන අමාත්‍යවරයාගෙන් විමසීය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ තමා සමඟ හොඳින් සාකච්ඡා කර ප්‍රතිචාර දැක්වූ ධීවර ජනතාව ඉන් දින 10කට පසු අමාත්‍යාංශය ඉදිරියට පැමිණ කෑගසන විට අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රතිඋත්තර දුන් බවයි. එහිදී මුලින් ගල්ගැහුවේ කවුද කියා CCTV කැමරාවල සඳහන් වන බවත් ධීවරයන්ට කරදරයක් වීම ගැන කනගාටුව ප්‍රකාශ කරන බවත් පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya