මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ සහ නිවැරදි ආර්ථික කළමනාකරණයේ ප‍්‍රතිලාභ ජනතාවට

    ඔක්තෝබර් 28, 2014
    රජයේ දස වසරක සංවර්ධන වැඩපිළිවෙළේ සහ නිවැරදි ආර්ථික කළමනාකරණයේ ප‍්‍රතිලාභ අද ජනතාවට ලබාදීමට හැකි ව තිබෙන බවත්, මරණ බියෙන් ජීවත් වූ යුගය නිමා කර සංවර්ධන යුගයකට රට ගෙන ගිය වත්මන් රජය අද රටේ ජනතාවගේ ජන ජීවිතය සැපවත් කිරීමේ වැඩපිළිවෙළට ද එළඹ ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ විදුහල්පතිවරුන් සමඟ ඊයේ (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදීය. 
     
    2015 අය වැය තුළින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ලබාදී ඇති ප‍්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමට මෙම හමුව කැඳවා තිබුණි. 
     
    රජය මෙවර ඉදිරිපත් කළ අය වැය පිබිදෙන ආර්ථිකයක් ඉලක්ක කරගත් අය වැයක් බව ද මෙහිදි සඳහන් කළ ජනාධිපතිතුමා රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ එහි සුවිශේෂි අවධානයක් යොමු කර ඇති බව ද සඳහන් කළේය.
     
    දරුවන් අතර මෙම ප‍්‍රතිලාභ නිසි ලෙස බෙදා දිය හැක්කේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නියුතු නිලධාරින්ට සහ විදුහල්පතිවරුන්ට බව පැවසූ ජනාධිපතිතුමා එම යුතුකම ඉටු කිරීමට කැපවන ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.
     
    ලෝකය සමඟ ගනුදෙනුකිරීමට අප සූදානම් ව සිටින මේ මොහොතේ දරුවන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමේ වැදගත්කම ද මෙහිදි ජනාධිපතිතුමා පෙන්වා දුන් අතර ගණිතය, විද්‍යාව ඇතුළු විෂයන් සඳහා ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟයන් පියවීමට ද රජය මේ වන විට වැඩපිළිවෙළ සකස් කර ඇති බව සඳහන් කළේය. 
     
    මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හරහා මෙම ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්වරුන් ද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ද, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya