මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති මන්දිරයේ දොර ජනතාවට නිතර විවෘතයි

    ඔක්තෝබර් 28, 2014
    පසුගිය කාලය ඇතුළත කිහිප වතාවක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් හමුවීමට අවස්ථාව ලැබීමෙන් රටේ ජනතා අවශ්‍යතා පිළිබඳ දෙපාර්ශවයට ම අවබෝධයක් 
    ලබාගැනීමට හැකි වූ බවත් ඒ නිසා අරලියගහ මන්දිරයේ දොරටු නිතර ජනතාවට විවෘත ව පවතින බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරීන් හමු වු අවස්ථාවේ දී ය.
     
    "පසුගිය මාස කිහිපය තුළ මුදල් අමාත්‍යංශය නිලධාරීන් අපි සියලු දෙනා අයවැය සකස් කළා. මුළු ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම සිටින නිලධාරීන් මුණගැහිලා අයවැය සකස් කිරීමට දායක කරගත්තා. අයවැය හදනකොට වෘත්තීය සමිති, ජනතා සංගම්, විවිධ ව්‍යාපාරිකයෝ, වෘත්තීයවේදීන්, ත්‍රී විලර් රියදුරෝ, පදික වෙළෙඳ සංගම්, වෛද්‍යවරු වැනි ‍නොයෙක් තරාතිරම්වල ජනතාව සිය දහස් ගණන් හමුවෙලා තමයි තීන්දු තීරණ ගත්තේ. අයිස් කාමරවල සිට ජනතාවගේ ඈත් ව මේ අයවැය සකස් කළේ නෑ".
     
    එදා සිට රාජ්‍ය සේවය පිළිබඳ ලොකු විශ්වාසයක් පවතින බවත් තමන්ගේ ප්‍රශ්න අන්තර්ජාලය හරහා සියලු දෙනා සමඟ බෙදාගන්නා තත්ත්වයට වර්තමාන සමාජය පත් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපේ ප්‍රශ්න අන්තර්ජාලය හරහා සියලු දෙනා සමඟ නො ව අප ම කතා කිරීම හොඳ බවත් පෙන්වා දුන්නේය.
     
    මෙහිදී රටේ දියුණුව මෙන් ම තමන්ගේ පළාතේ දියුණුව සඳහා කටයුතු කිරීම පිළිබඳ ව පරිපාලන නිලධාරීන් වෙත සිය කෘතඥතාව පළ කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    වත්මන් රජය දස වසරක් රට පාලනය කරමින් රටේ ජනතාවට ලබාදී ඇති තිබෙන සහන, සංවර්ධනයේ ප්‍රතිලාභ නිසි ලෙස ඔවුන්ට ලබාදීම පාරිපාලන නිලධාරීන්ගේ යුතුකම බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරියට ද එම යුතුකම පරිපාලන නිලධාරීන් විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් පෙන්වා දුන්නේය.
     
    "අද තියෙන්නේ එදා තිබුණු රට නෙමෙයි. ඕනෑම අංශයකින් ගමේ පාර, නගරයේ පාර, පහසුකම් වේවා මේවා වැඩිදියුණු වෙලා".
     
    කොළඹ සේවය කරන රජයේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සහිත නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කොට ඇති බවත් ඒ සමඟ ප්‍රශ්න විසඳුම් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිතුමා රටේ ජනතාවගේ ජීවත යහපත් කිරීම සඳහා පරිපාලන නිලධාරීන්ගේ විය යුතු යුතුකම් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් වැඩිදුටත් පැවසීය.
     
    DB
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya