මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ටෙලිකොම් 2014 අපේක්ෂිත ලාභය මිලියන 4000ක්

    ඔක්තෝබර් 28, 2014

    සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2014 වසර සඳහා අපේක්ෂිත ලාභය රුපියල් මිලියන 4000ක් බවත් 2015 වසරේ රුපියල් මිලියන 4200ක් හා 2016 වසර සඳහා රුපියල් මිලියන 4425ක ලාභයක් අපේක්ෂා කරන බව අද (28) පාර්ලිමේන්තුවේදි සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙය සභාගත කෙරිණි.

    2012 වසරේ සිට 2014 ජූනි 30 දක්වා මේ ආයතනය ලාභ ලබා ඇත. ඒ අනුව 2012 දෙසැම්බර් 31 රුපියල් මිලියන 3246ක්, 2013 දෙසැම්බර් 31 රුපියල් මිලියන 3635ක් හා 2014 වසරේ ජූනි 30 දක්වා මාස 06ක කාලයක් රුපියල් මිලියන 1324ක් ලාභ ලබා තිබේ.

    අද වන විට මෙහි ඇති ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් මිලියන 18,049කි. සංචිත ප්‍රමාණය රුපියල් මිලියන 39,076ක් වේ. මෙහි මුළු සේවක සංඛ්‍යාව 7798ක් වන අතර සේවක අතිරික්තයක් හෝ හිඟයක් නොමැති බව ද පිළිතුරෙහි සඳහන් වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya