මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ විදුලිය නොමැති ගම්මාන 164කට මේ වසරාවසානයේ විදුලිය

    ඔක්තෝබර් 28, 2014

    උතුරු පළාතේ විදුලිය නොමැති ගම්මාන 164ක් තිබෙන බවත් ඒ ගම්මාන සඳහා විදුලිය ලබාදීම මේ වසරේ දෙසැම්බර් 31 දින වන වි‍ට අවසන් කරන බවත් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    උතුරේ ජනතාව සඳහා විදුලි සම්බන්ධතාව ලබා ගැනීමේදී යන වියදම දිවි නැඟුම ව්‍යාපෘතිය හරහා විදුලි බිලෙන් කැපීමට කටයුතු යොදා ඇති බව පැවසූ අමාත්‍යවරිය උතුරේ ජනතාව සඳහා විදුලිය සම්බන්ධයෙන් විශේෂ සහන දෙන්න හැකියාවක් පවතින්නේ ද යන්න තවදුරටත් සලකා බලන බව ද සඳහන් කළාය.

    විදුලිය සඳහා සහන දෙන්න ගෘහස්ත පාරිභෝගිකයාට අමතර ව සියලු දෙනා වෙනුවෙන් මෙවර අය-වැයෙන් ජනාධිපතිතුමා යෝජනා කර ඇත. නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු ආනයනයේදී සිදු වූවා යැයි කියන සිද්ධියේදී මා ප්‍රකාශ කළේ දූෂණයක් ගැන නො වේ. පාඩුවක් සිදු වී ඇති බව පැවසූ බවත් ඒ පිළිබඳ සිදු කරනු පරීක්ෂණ වාර්තාව ආපසු පාඩුව අයකර ගන්න කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya