මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් ජනපති හමුවෙයි

    ඔක්තෝබර් 28, 2014

    පොදුරාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඊයේ (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.


    2013 වසරේ නොවැම්බර් කොළඹදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ අරමුණුවල ප්‍රගතිය සහ දැනට කෙරෙමින් පවතින වැඩකටයුතු පිළිබඳ දැනුවත් කළේය.

    එය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවකින් බිහිවන කටයුතු සම්බන්ධයෙන් සුපිරුදු ලෙස කෙරෙන තත්ත්ව සමාලෝචනයක් බව පැවසූ කමලේෂ් ෂර්මා මහතා රාජපක්ෂ ජනාධිපතිතුමාට සැලකර සිටියේ එම සමාලෝචනය සාර්ථක බවයි.

    පොදුරාජ්‍ය මණ්ඩලය විසින් සලකා බලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව ද අනෙකුත් කාරණා අතර දෙවසරකට වතාවක් පැවැත්වෙන පොදුරාජ්‍ය මන්ඩලයේ රාජ්‍ය නායක සමුළුවේ කාල සමාව සහ සහභාගී වන ප්‍රමාණය පිළිබඳ ව ද මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමාව දැනුවත් කරන ලදී.

    ශ්‍රී ලංකාව තුළ සිදු වන කාර්යයන් අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අතර සහයෝගිත්වය ඉතා ඵලදායීව සිදු වන බවත් ෂර්මා මහතා, ජනාධිපතිතුමා හට ප්‍රකාශ කළේය. අවශ්‍යතාවට අනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ද තම සහය ලබා දීමට ලේකම් කාර්යාලය සූදානම් බව ෂර්මා මහතා පැවසීය.

    පොදුරාජ්‍ය මණ්ඩලයේ තරුණ කවුන්සිලයේ කටයුතු මේ වන විට ඉතා සාර්ථක ව සිදු කෙරෙන බව පැවසූ ෂර්මා මහතා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර 2011 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක තරුණ කවුන්සිලය පිහිටුවීමට නායකයෝ එකඟ වූහ. මේ තීරණය ක්‍රියාත්මක කරමින් ප්‍රථම මහා සභා රැස්වීම 2013 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අතරතුරදී හම්බන්තොටදී පැවැත්විණි. එම තීරණය බලගන්වමින් ශ්‍රී ලංකාවේ ආරාධනයකට අනුව 2014 වසරේ අගෝස්තු පොදුරාජ්‍ය මණ්ඩලයේ තරුණ කවුන්සිල ලේකම් කාර්යාලය  හම්බන්තොටදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

    "තරුණ කටයුතුවලදී සන්ධිස්ථානයක් ලෙස හම්බන්තොට නිරන්තරයෙන් මතකයේ රැඳෙනු ඇත" යනුවෙන් ශර්මා මහතා පැවසීය.

    ශ්‍රී ලංකාව 2013 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සංවිධානය කර වසරක් ගත වන අවස්ථාවේ සිදු වූ ශර්මා මහතාගේ පැමිණීම, වසර 02ක් සඳහා සැලසුම් කර තිබෙන කාර්යයන්ගේ ප්‍රගතිය පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා වෙත දැනුම්දී සිදු කෙරේ.

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya