මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මෙත්සර උයන" හා "සිරිසර උයන" ජනපති සුරතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 28, 2014
    සෑම පුරවැසියෙකුට ම නිවසක් යන මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කොළඹ නගරයේ අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාවට නිවාස තනා දීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකෙරුණු බොරැල්ල "මෙත්සර උයන" හා "සිරිසර උයන" ඊයේ (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.
     
    කොළඹ 08 වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකළ මහල් 12කින් යුත් නිවාස 718කින් සමන්විත මෙත්සර උයන නිවාස ව්‍යාපෘතිය සහ නිවාස 430කින් සමන්විත සිරිසර උයන නිවාස ව්‍යාපෘතිය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකර ඇත.
     
    මෙම එක් නිවසක වටිනාකම රුපියල් මිලියන 8කට ආසන්න වන අතර වර්ග අඩි 450කින් සමන්විත නිවසක් නිදන කාමර 02ක්, විසිත්ත කාමරයත්, මුළුතැන්ගෙයක්, සඳළුතලයක් හා සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වේ. නවීන විදුලි සෝපාන හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉතා විධිමත් ලෙස යටිතල පහසුකම් සංවර්ධන කර ඇත. 
     
    නිවාස සංකීර්ණය ඉදිකිරීමට සමඟාමීව හරිත උද්‍යාන, ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ, මාර්ග පද්ධතිය පුළුල් කිරීම, ප්‍රජා ශාලා ආදී අවශ්‍ය යටිතල පහසුකම් ද වැඩිදියුණු කර ඇත.
     
    මෙම නිවාසලාභීන් සියලු දෙනා කොළඹ කාසල් වීදීය, නාරාහේන්පිට බේකරි වත්ත, එදිරිසිංහ වත්ත, 54/66 වත්ත, කාලිංග මාවත, ඇපල් වත්ත, සෙබස්තියන් ඇළ මාර්ගය අවට 45 වත්ත, 34 වත්ත, පැලැන්ගස්තුඩුව, අළුම්දුව වත්ත, පංචිකාවත්ත මයුර පෙදෙස යන ප්‍රදේශවල සිය ජීවනෝපාය කරගෙන කිසිදු පහසුකමක් නොමැතිව අවිධිමත් ලෙස ඉදිකරන ලද නිවාසවල ජීවත් වූ පවුල් වෙති.
     
    මෙම නිවස ලබාදීසත් සමඟ එම ජනතාවගේ සහ දරුවන්ගේ හෙට දවස යහපත් වී ඔවුන්ගේ ජීවත ආලෝකමත් වනු ඇති බව රජයේ අපේක්ෂාවයි.
     
    නිවාසලාභීන්ට හිමිකම් පත්‍ර ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අනතුරුව නිවාසලාභී ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.
     
    කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත්වන ජනතාවට නිවාස 70,000ක් ඉදිකරදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ ස්ථාන 26 නිවාස ඒකක 20,000ක් මේ වන විටත් ඉදිවෙමින් පවතී. මෙම වසර අවසන්වන විට කොළඹ පැල්පත්වාසී ජනතාව සඳහා නිවාස 5000ක් ලබාදීමට සැලසුම් කර ඇති අතර මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුවිසල් නිවාස ව්‍යාපෘති 05ක් යටතේ නිවාස 1500ක් ජනතාවට පවරා දී ඇත.
     
    කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්වර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, දුමින්ද සිල්වා, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    HE METHSARA SIRISANDA 1
     
     
    HE METHSARA SIRISANDA 2
     
    HE METHSARA SIRISANDA 3
     
    HE METHSARA SIRISANDA 4
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya